මොනවද මල්ලි මෙතැන වෙන්නේ...
පොඩි සීන් එකක්...
මොකක්ද පොඩි සීන් එක...
පොඩි ඇන්දිල්ලක් දානවා ජීවත් වෙන්න... නැත්නම් කොහොමද අපි කන්නේ...
මොකක්ද දාන ඇන්ඳිල්ල...
ඔයා බොසා මාකට් එකේ සුදු අයියා ගැන කිව්වනෙ... ඒ වුණාට මං දන්නෙ නෑ ඔයා කවුද කියලා... ඒත් මට දැන් කතා කළානේ... මේ පිටකොටුව හැමතැනම සල්ලි හොයන තැන... වචනයක් කතා කළත් අපි බලන්නේ කීයක් හරි කඩාගන්න... අපිත් යන්ත්‍ර නෙමෙයිනේ... මිනිස්සුනේ... දැන් මෙතැනින් ගියා නේද කෑල්ලක්...
කෑල්ලක් කිව්වේ... අර කෙල්ලද...
ඔව් ඇයි අර ගියේ කොට ෂෝටක් ගහලා දැන්... තව කෙනෙක් එක්ක... අර රතුපාට සායක් ඇඳලා හිටියේ... එහා පැත්තේ... ඔයා ටෝක් කළේ බොසා...
මං
මං කිව්වේ ඇහැ දුන්නේ... එයා අපේ කෙනෙක්... බොසා සෙට් වෙන්නේ නැහැ කියලා දන්නවා මේ කාත් එක්කවත්... මොකද බොසාගේ තියෙන්නේ වෙන ලුක් එකක්... බොසාට ඕනේ පාරේ කෑල්ලක් නෙමෙයි...බොසා හොයන්නේ කන්න, කඩයක් මිස පිඟානක් නෙමෙයිනේ... බොසාගේ මූණේ පේනවා බොසාගේ බොක්ක... අපි ඒවාට අහු වෙන්නෑ... අපි හොයන්නේ ගමෙන් ආව ලාමක ටින් ටින්...
ලාමක ටින් ටින් කිව්වේ...
එහෙටත් නැති මෙහෙටත් නැති එවුන්...
ගමෙන් ඇවිත් බස් පරක්කු වෙලා යන එන මං නැතිව රෑ චාටර් වෙන අය තමයි අපේ ටාගෙට් එක...
කී දෙනෙක් ඉන්නවද ඔයාලගේ ටීම් එකේ...
පහයි... ගෑනු තුනයි... මාත් එක්ක පිරිමි දෙන්නයි... මං ඉතින් ත්‍රීවීල් ඩ්‍රැයිවර්...
ගෑනු තුන කවුද...
ජානු, ශ්‍යාමලී, ස්ටෙලා (අන්වර්ත නාමයන් වේ)... කොල්ලා මංජු...
කවුද ජානු...
ජානු තමයි මෙතැන හිටියේ... ශ්‍යාමලී තමයි ඉස්සෙල්ලා දිව්වේ... එතකොට ස්ටෙලා තමයි දැන් ගේමේ ඉන්නේ...
ඇයි ශ්‍යාමලී දිව්වේ...
ඒක තමයි අපේ ගේමේ හැටි... එතකොට ස්ටෙලා තමයි බොසා එනකොට මෙතැන බස් හෝල්ට් එකේ තඩියෙක් එක්ක චැට් එකක් දාගෙන හිටියේ... මුස්ලිම් විධියට පර්දාවක් දාලා හිටියේ...
අර කොළ බෑග් එකක් අරන් හිටියේ... එයාද...
හරියට හරි...
එතකොට දිව්වේ වෙන කෙනෙක්නේ...
එයා දිව්වේ අර ඇඳුම ගලවලා... ඒවා වැඩක් නෑ... ස්ටෙලා අද හොඳ ගම් මෝරෙක් තමයි ඇල්ලුවේ... උගේ පර්ස් එක හොඳ බරට තියෙන්න ඇති... ගෑනි සල්ලි ටික ගල් කරගෙන පැන්නා... වැඩේට ගිය පොර තවම කලිසම හොයනවා ඇති...
ඒ ගෑනිගේ අතේ දුවද්දී කලිසමක් හරි, මොකක් හරි රෙද්දක් තිබුණ නේද...
ඔව්... ගෑනි කලිසම තමයි අරගෙන තමයි දුවලා ඇත්තේ... දැන් අතන ටොයිලට් පේලියේ ලාස්ට් කඩේ ඉන්නවා ඇති අඩියක් ගගහ... මං තව ටිකකින් යන්න ඕනෙ වෙන තැනකට එක්කන් යන්න...
ස්ටෙලා සිංහලද...
සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද, හින්දිද කියලා නෑ... මේ ඔක්කොම ගෑනු තමයි... ස්ටෙලා කියන්නේ සෙට් වෙලා කියන එකයි... ගෑනි මාර බේබද්දි දවසට බෝතලයක් හරි බොයි. මල්ල සරු වුණොත් අපිටත් කොලේ වහලා යයි ඕන තැනක බොන්න දෙනවනම්... විශ්වාස නෑ... මේ හිටියා මේ නෑ... ඒකි තමයි මේ ක්ලික් එකේ වැඩියෙන්ම සල්ලි හොයන්නේ... දවසට හවසට විතරක් අඩුම තුන්දහක් හොයනවා... මොන විදිහට හරි හොයනවාමයි...
එතකොට ජානු කවුද...
ඒකි හරි අහිංසකයි... කුඩු ගහනවා... ඒකි වැඩි වුණොත් එක් දාස් පන්සීයක් හොයයි... ඒකි සල්ලිවලට වඩා වටින්නේ එන එකා සතුටු කරන්න... ඒකි තවමත් ජීවිතේ හොයනවා... මිනිහ හිරේ... ළමයින් දෙන්නෙක් ඉස්කෝලේ යනවා... ඉන්නේ මරියකඩේ... ඒකි ගාණ හොයා ගත්තම ඒකි වාෂ්ප වෙනවා... ඒ වගේම ඒකී ගේම් සෙල්ලමට කැමැති නෑ...
එතකොට ශ්‍යාමලී...
ශ්‍යාමලී දෙකම... දැක්කොත් බුවා... නොදැක්කොත් එබුවා... ලැඛෙන තරමටයි සැප... සුව... සහනය... ඒකිට ඕනේ හැමදේම උපරිමයට... එකෙක් එක්ක වුණත් රෑ එළිවෙනකම් ඉඳියි... ඒකිට වෙනම කස්ටමස්ලා ඉන්නවා... රට හැමතැනම එවුන් කොළඹ ආවම මේකිව හොයාගෙන මේ එකසිය විස්ස හෝල්ට් එකට එනවාමයි... මේකි හිනාව දාලා ජෝතිකා වගේ තමයි ඉන්නේ... ඒ වගේමයි සැප... ආව ගමන් පාරේ වුණත් උම්ම දෙනවා... මාට්ටු වුණ එකා හිතන්නේ මේක තමයි ලව කියලා... එකෙන්ම ගොනාට අන්දගෙන පොට් එකට අරගෙන යන කොට වැඩෙන් භාගයක් ඉවරයි... කිව්වේ පන්සීය නම් දාහක් දෙන්න කොල්ල ලෑස්තියි... වැඩිය ඕනෙ නෑ... ශ්‍යාමලීව බඳින්න අහන අය ඉන්නව කිව්වොත් බොසා ඔයා පුදුම වෙයි...
එතකොට ඔයාලගේ කට්ටිය ඉන්නේ කොහෙද...
දවල්ට අපි සී සීකඩ... මං වතුර වෙළෙන්¼දා බස්වල... අනිත් එවුණුත් එහෙමයි... අපි මේ කපුටු බෝ ගස් තුන යට සෙට් වෙන්නේ රෑ අටට විතර... අපිව නොදන්න බස්කාරයෙක් නෑ... ඒ වගේම නොදන්න පේමන්ට් වෙළෙන්දෙක් නෑ... මේ ඔක්කොම අපේ යාළුවෝ... ඒ මිනිස්සු හිනා වෙනවා ඇති අපිට... අපේ රස්සාවට... ඒත් අපි මර්සියෙන් හරි පානියනේ හරි ගේමක් ගහන්නේ ජීවත් වෙන්න...
එතකොට ඔයාගේ පාට් එක මොකක්ද...
මං ත්‍රීවීල් ඩ්‍රැයිවර්... කවුරුහරි කෑල්ලක් ගම් මැට්ටෙක් අල්ලගත්තාම මං තමයි පොට් එකට ගිහින් දාන්නේ...
කොහෙද පොට් එක...
තැන් ගොඩක් තියෙනවා... මල්වත්තේ පාරේ ක්‍රොස් ලේන්... වර්ල්ඩ් මාකර්ට් එක පිටිපස්ස... අලුත්කඩේ පාර... පොලිසියට එහා පාර... එකසිය විස්ස බස් නවත්තන තැන තියෙන ප්‍රේමදාස සෙන්ටර් එක ළඟ... මේ අස්සේ තියෙන ක්‍ෂණික තැන් තමයි ඇඟේ රස්නේ යවන අපේ කාමර වෙන්නේ... මේවා අර ඛෙන්ස්, පර්ජෝ, මොන්ටේරෝ, පෙජරෝවල ආතල් වගේ නෙමෙයි... දාහ දෙදහේ පන්දහේ මිටි විසි වෙන පට්ට සැප නෙමෙයි... මවා පෑම් විතරයි... ඔය අතරෙ තමයි හැම දේම...
එතකොට ත්‍රීවීල් එක...
රෑ හතේ ඉඳල එකොළහ, දොළහ වෙනකම් දුවන්න මට දෙන්නේ රුපියල් දාහට... සුදු අයියගේ යාළුවෙක්ගේ... සුදු අයියා කියන්නේ ඇතිනේ බොස්ට... අපිට තියෙන එකම වාහනේ මේකයි... එහෙම නැත්නම් කකුල් දෙක... පයින් ගිහින් වැඩේ කරගෙන පයින් එනවා...
කීයක් ගන්නවද මේ අය...
වැඩිම වුණොත් හයසීයයි... ත්‍රීවීල් හයර් එකටත් එක්ක... පොට් එකටයි, ගාන ගන්න ගෑනි බුලත්විටක් ඒදලා ඒක කාලා කෙළ ගහද්දී වැඩේ ඉවරයි... සල්ලිනේ බොසා ඔක්කොම කරන්නේ... සල්ලි ලැඛෙනවා නම් මොනවද නොකර ඉන්නේ...
කොච්චර වෙලා ඉන්නවද ඔයාලා...
ගාණ ගැන ගන්නකම් ඉන්නවා... සමහරවිට රෑ එක දෙක වෙනකම් වුණත් කොහොමහරි දවස හදාගෙන තමයි යන්නේ...
මොකක්ද අර ගේම ගහන කතාව...
එකෙන් තමයි ගොඩයන්න පුළුවන්... නැත්නම් හැමදාම කට්ට විතරක් දියේ දාගෙන හිටිය වගේ... මාළු නෑ...
ඒ කිව්වේ...
බොසා... අපේ එකී කාව හරි බා ගත්තම මට ඇඟිලිවලින් කියනවා ගාණ... ඊට පස්සේ තව විදියකට කියනවා තැන... මට තියෙන්නේ එතැනට ගෙනියන එකයි... ඒ අතරේ මං මර්ෂිට කියනවා කෝල් කරල අහවල් තැනටයි එන්නේ කියාලා... ඊට පස්සේ ඌ ඇවිත් ඉන්නවා අපි යන්න ඉස්සර එතැනට... කළුවර පොට්නේ... කාටවත් පේන්නෑ...
මර්ෂි කියන්නේ...
අපේ අනිකා... ඌ තමයි ගේම් එක හැන්ඩ්ල් කරන්නේ...
මොකක්ද ඔය කියන ගේම් එක...
සිම්පල් වැඩක්... හුඟක් වෙලාවට මේ වැඩේට සෙට් වෙන්නේ නොදන්න බුවාලා... ඉතින් එයාලා අරගෙන ගිහින් ඒ වගේ තැනකට... වැඩේ නැඟලා යද්දී මර්ෂි කරන්නේ විසිල් එකක් ගහනවා පොලිසිය වගේ... ඊට පස්සේ හොඳ ටෝච් පාරක් ගහනවා ඈත තියලා... බඩ්ඩ නැඟිටලා දුවනවා... අතේ තියෙන සල්ලිත් අරන්... මෑනුත් දුවනවා... කලිසම් ඇඳ, ඇඳ... ෂිප් දදා එහෙම වෙලාවට පර්ස්වත් සල්ලිවත් නෙමෙයි මතක... ලැජ්ජාව වහගන්නනේ කරන්නේ... පස්සේ තමයි එයාට සල්ලි මතක් වෙන්නේ... ඒ වෙන කොට සල්ලි අපි ඛෙදාගෙන, පර්ස් එක විසි කරලත් ඉවරයි... ඒකට තමයි ගේම ගහනවා කියනනේ...
ඔයාලා විතරද එහෙම කරන්නේ...
පිස්සුද... මේ ඉන්න හැම වේ... ගෑනියෙක්ම ඒක කරනවා... පිටකොටුවේ, බැස්ටියෙන් මාවතේ, මල්වත්ත පාර්, මීගමු පාරේ, ගුණසිංහපුරේ, පළවැනි, දෙවැනි හරස් වීදියේ හැම තැනම මේක වෙනවා... ඒත් කවුරුවත් පොලිසි යන්නේ නෑ... අපි සුද්දේ දාන්නේ ලපටි, ලාමක ගොඩයෙක් බලලා විතරයි... ඌ පස්සේ කඩේකට ගිහින් ෆෝන් එක හරි... මොකක් හරි තියලා ගමට යන්න සල්ලි හොයා ගන්නවා...
මේක නියම වැඩේ නේද...
නියම වැඩේ තමයි... ඒත් එහෙම අහුවුණු එකෙක් ආයේ කවදාවත් පිටකොටුවේ කෑලි පස්සේ නම් යන්නේ නෑ... එකෙන්ම හැදෙනවා...
ඒකත් පිනක් නේද...
පිනක් නේන්නම්... ජීවිතේටම මතක හිටින... ඊළඟ දවසක ඒ කෑල්ල, දැක්කත් මොනවත් කියන්න එන්නේ නෑනේ... මොකද එතැන ඇත්තටම පොලිසිය ආවද, පර්ස් එක් වැටුනද, ෆෝන් එක වැටුනද, මොකක්ද වුණේ දන්නේ නෑනේ... කිසිම කෙනෙක්ට කිසි දෙයක් කියන්න බෑ... හරියට හිස් පිටුවක් වගේ...
එතකොට මොකක්ද සැප දුක ගැන කතාව...
ඇයි බොසා... අපිත් කැමැතියිනේ මස්, මාළු බිත්තර එක්ක රයිස් කන්න... ඒ වුණාට අපි හැමදාම කන්නේ ලුනුයි බතුයි විතරයිනේ... මෙතැනින් එහාට ලෝකයක් තිබ්බට අපිට අයිති මහ පාරේ මේ වගේ මගඩි විතරයි...
A.එදිරිසිංහ
8:58 PM
Unknown
0 comments:
Post a Comment