ගුරුවරයා දරුවට අයුතු ලිංගික යෝජනා කරලා ~ niruwatha

Wednesday, May 28, 2014

ගුරුවරයා දරුවට අයුතු ලිංගික යෝජනා කරලා

පාසලේ වයසේ පසුවන බාල වයස්කාර පාසල් සිසුවෙකුට අයුතු ලිංගික  යෝජනාවක් ඉදිරිපත් කළ බවට ලද  පැමිණිල්ලක් මත සැකපිට මැදවච්චිය ප්‍රදේශයේ විද්‍යාලයක සිංහල ගුරුවරයෙකු වශයෙන්  සේවය කරන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු මැදවච්චි පොලිසියේ නිළදාරින් විසින් (25) අත්අඩංගුවට ගෙන තිබේ

වයස අවුරුදු 13ක සිසුවෙකුට මෙම අයුතු ලිංගික යෝජනාව සිදුකිරිම නිසා සිසුවාගේ මව විසින් මැදවච්චිය පොලිසියට ඒ පිළිබදව පැමිණිලි කර තිබේ'ඒ අනුව ක්‍රියාත්මක වූ මැදවච්චිය පොලිසිය සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ

සිසුවා ඉකුත් (24) වන දා මැදවච්චිය නගරයේ පිහිටි විහාරස්ථානයක් අසල පෞද්ගලික පන්තියකට සහභාගි වීමට ගොස් ඇති අතර පන්තිය ආරම්භ වන තුරු විහාරස්ථානයේ බෝධිය ආසන්නයේ රැදි සිටියදී සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයාද එම විහාරයේ බෝධිය ආසන්නයේ පුවත්පතක් බලමින් රැදි සිට ඇති බව පොලිසිය පවසයි

පාසල් සිසුවා සමග කතාවට වැටුනු නියෝජ්‍ය විදුහල්පතිවරයා පසුව ඔහුට මෙම අයුතු යෝජනාව ඉදිරිපත් කිරිම නිසා ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඒ සම්බන්ධයෙන් මවට දැන්වීමක් කර තිබේ'අත්අඩංගුවට ගත් සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයාව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (26)වනදා  ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

1 comments:

Anonymous said...

සංස්කෘතිය කාන්තාවදින්ගේ අයුතු වාසි සදහා වෙනස් කර ඇත. මෝඩ දෙස්පාලුවෝ ගොනාට අන්දවාගෙන

Post a Comment