බිරිඳට පහර දී යෝනියට මිරිස් කුඩුත් දාලා ~ niruwatha

Tuesday, May 6, 2014

බිරිඳට පහර දී යෝනියට මිරිස් කුඩුත් දාලා

දෙදරු මවක්‌ වූ සිය බිරිඳට අතින් පයින් පහරදී ඇයගේ ලිංගික ප්‍රදේශයට මිරිස්‌ කුඩු තැවරූ සැමියකුට රුපියල් 25,000 ක ශරීර ඇපමත මුදහරින ලෙසද මෙම නඩුව සමථ මණ්‌ඩලයට යොමු කරන ලෙසද කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා නියෝග කළේය.

මෙහි සැකකරු වූයේ කළුතර උතුර මල්වත්ත පාර පදිංචි මහගෙදර ගමගේ රුවන් ප්‍රසන්න නමැත්තෙකි.

සිද්ධිය වූ දින බීමත්ව නිවසට පැමිණි සැමියා අමානුෂික ලෙස පහරදී කුස්‌සියට ගොස්‌ මිරිස්‌ කුඩු බෝතලය ගෙන බිම පෙරළා සිය ස්‌ත්‍රී යෝනියට මිරිස්‌ කුඩු දැමූ බව ඇය පොලිසියට කළ ප්‍රකාශයේ දැක්‌වෙන බව කළුතර උතුර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රශාන්ත සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

වසර 14 කට පෙර මෙම යුවළ විවාහවී ඇතැයිද ඔවුන්ට වසර අටක, වසර 1 1/2 ක දරුවන් දෙදෙනකු සිටින බවද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මහතා මෙම ගැටුම පවුල් ප්‍රශ්නයක්‌ බවද සැකකරුට ඇප ලබාදෙන ලෙසද අධිකරණයෙන් අයෑද සිටියේය.

0 comments:

Post a Comment