වැඩ වර්ජකයන්ට පලදෙන හැටි සෞඛ්‍ය ඇමති කියයි ~ niruwatha

Tuesday, May 13, 2014

වැඩ වර්ජකයන්ට පලදෙන හැටි සෞඛ්‍ය ඇමති කියයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මොන තනතුරේ සිටියද වැඩවර්ජන වලට යන්නේනම් ඊළඟ ආත්මයේ උපදින්නේ රෝගීන් ලෙස බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

ලෝක සමාජ දේශපාලනික තත්ත්වය වෙනස්වන විට සෞඛ්‍ය සේවයද වෙනස්වන බවත්, ඒ නිසාම වෘත්තීය සමිතිවල සටන් ක්‍රමද වෙනස්විය යුතුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අද(13) නවක හෙද හෙදියන් 2,500 දෙනෙකු බඳවාගැනීම සඳහා පුහුණුවට ඇතුළත් කර ගැනීමේ පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

මෙම අවස්ථාවට සහභාගී වන්නන් මේ මොහොතේ මී පැටව්, හා පැටව් මෙන් සිටියද තවත් වසර 3-4න් එළියට එනවිට නිදහස් සෞඛ්‍ය සේවයට දෙයියන්ගේම පිහිට බවද ඔහු පෙන්වා දුන්නේය. 

ඒ නිසාම හෙද සේවයේ මනුෂ්‍යත්වයේ සේවයක් ලෙස සලකා ක්‍රියා කරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද අමාත්‍ය සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

0 comments:

Post a Comment