Sim ගන්න ID දෙන්නේ බලාගෙනයි. ~ niruwatha

Saturday, May 17, 2014

Sim ගන්න ID දෙන්නේ බලාගෙනයි.

ජංගම දුරකථන සඳහා සිම් කාඩ් ලබා ගැනීම සඳහා ලබාදෙන ජාතික හැඳුනුම්පත් වල විස්තර සහ ලිපිනයන් සොරාගෙන එම නම් යොදා ජායාරුප අලවා සකස් කෙරෙන ව්‍යාජ හඳුම්පත් උපයෝගී කරෙගෙන අපරාධකරුවන් විවිධ අපරාධවල යෙදෙන බව ත්‍රස්ත විමර්ශන අංශයට තොරතුරු ලැබී ඇත.

අනුව එවැනි අපරාධකරුවන් අපරාධ ස්ථාන වල දමා යන ව්‍යාජ හැඳුනුම්පත් නිසා ඒවා හිමි නියම අයිතිකරුවන් බොහෝ අවස්ථාවල පොලිස් අත්අඩංගුව පත්වී අධිකරණයට පවා ඉදිරිපත් කරන අවස්ථා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

විශේෂයෙන් සිම් කාඩ්පත් මිලදී ගන්නා ස්ථාන වලින් යලිත් තමාගේ නමින් දුරකථන අංකයක් ලියාපදිංචි වී ඇද්ද යන්න ගැන අදාළ ආයතන වලින් විමසා බලන ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක්ද කරයි.

ඇතැම් අපරාධකරුවන් රහස් නියෝජිතයන් ඉවත දමන කඩදාසි කැබැල්ලක තිබෙන හැඳුනුම්පත් අංක නම් ලිපිනයන් සොරාගෙන තමන්ගේ ජායාරුපය පමණක් යොදා ව්‍යාජ හැඳුනුම්පත් සකස් කර ඇති බව අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හෙළිවී තිබේ.



0 comments:

Post a Comment