මෙවර සිරස සුපර් ස්ටාර් තරගයෙන් ජයග්‍රහණය කරන කෙනාට රුපියල් කෝටියක ත්‍යාග මුදලක් පිරිනැමෙන නිසා බාහිර පාර්ශ්ව රැසක් එම තරගයට අනවශ්‍ය ලෙස අත පෙවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ නිසා සිරස සුපර් ස්ටාර් නිෂ්පාදක මණ්ඩලය සහ සිරස සුපර් ස්ටාර් තරගකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.මෙම උණුසුම් තත්ත්වය ඇතිවීමට බලපෑ ආසන්නතම හේතුව වූයේ මින් පෙර තරගයෙන් ඉවත් කරනු ලැබූ කිහිපදෙනකු 'වයිල්ඩ් කාර්ඩ්' තරග වටය හරහා යළි තරගයට එක්කර ගැනීමට සිරස සුපර් ස්ටාර් නිෂ්පාදකවරුන් ගත් තීරණයයි. දැනට ජනතා ඡන්දයෙන් තේරී ඉදිරියට පැමිණ සිටින ගයාන් අරෝෂ්, හර්ෂ චතුරංග, නුවන් බුලත්සිංහල, මුදිත ජයකොඩි සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් සිරස සුපර්ස්ටාර් නිෂ්පාදකවරුන්ගේ එම තීරණයට බලවත් විරෝධය දක්වා ඇත. ඒ නිසා රූගතකිරීම් පැය තුනකට ආසන්න කාලයක් නතර කිරීමට සිදුවූ බවද වාර්තා වේ.
නිෂ්පාදකවරුන්ගේ මෙම තීරණය ක්‍රියාත්මක කළහොත් තමන් තවදුරටත් තරගයට එක් නොවන බව අවසන් වටයට තේරුණු තරගකරුවන් හතරදෙනා ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේදී නිෂ්පාදකවරුන් පවසා ඇත්තේ ඔවුන් කැමැති තීරණයක් ගැනීමට ඔවුන්ට අයිතිය ඇති බවයි.
සිරස සුපර්ස්ටාර් තරගයට බාහිර පාර්ශ්ව අත දමා ඇත්තේ මේ අවස්ථාවේදීය. සිරස සුපර්ස්ටාර් තරගකරුවන්ට ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ නොදී ඒ සඳහා බාහිර පාර්ශ්ව මැදිහත්වීම තමන් තරයේ හෙළා දකින බව සුපර්ස්ටාර් නිෂ්පාදක කණ්ඩායම ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් අවසානයේදී 'වයිල්ඩ් කාර්ඩ්' වටයෙන් තේරී පත්වූ තුන්දෙනා වන චාමර ප්‍රසාද්, ටෙහානි ඉමාරා සහ කණිෂ්ක සාලින්ද සමඟ අවසන් තරගයට ඉදිරිපත්වීමට අනෙකුත් තරගකරුවන් හතර දෙනා කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
රුපියල් කෝටියක දැවැන්ත තෑගි මුදලක් මෙවර ජයග්‍රාහකයාට ලබාදීමත්, තරගය සඳහා බාහිර පාර්ශ්ව අනවශ්‍ය ලෙස මැදිහත්වීමත් යන කාරණා නිසා අවසන් තරගයේ යම් වෙනසක් සිදුකිරීමට සුපර්ස්ටාර් නිෂ්පාදක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මෙතෙක් එක් අංකයකින් එස්.එම්.එස්. ඕනෑම ප්‍රමාණයක් එවීමට තිබූ ඉඩ සීමා කරමින් එය එක් අංකයකින් එස්.එම්.එස්. 10ක් දක්වා අඩු කිරීමටත්, විනිශ්චය මණ්ඩලයට 40%ක අභිමත බලයක් ලබාදීමටත් නිෂ්පාදක මණ්ඩලය තීරණය කර තිබේ.
9:43 PM
Unknown
.jpg)
0 comments:
Post a Comment