තම ලෙයින් උපන් දියණියන් දෙදෙනෙකු වරින් වර දුෂණය කළ බව කියන සැකකරුවෙකු ලබන ජුනි මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා (24) වැනිදා සවස) නියෝග කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මදුරන්කුලියප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකුවය. අතවරයට ලක්ව ඇත්තේ සැකකරුගේ දියණියන් දෙදෙනෙකි. එක් දියණියකගේ වයස අවුරුදු 15 කි.ඇය 09 වන වසර පන්තිය දක්වා ඉගෙණුම ලබා ඇත. අනෙක් දියණිය වයස අවුරුදු 08 ක් වන පාසල් සිසුවියකි. මෙම දැරිවියන් දෙදෙනාගේ මව වන සැකකරුගේ බිරිද රැකියාවක් සදහා විදේශ ගතවී ඇත.
අතවරයට පත්ව ඇති බව කියන දැරිවියන් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.මෙම දැරිවියන්ගේ සහෝදරයාව මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත. වයස අවුරුදු 13 ක් වන එම දරුවා පුත්තලම නගරයේ පාසලක 08 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටී. මෙම දරුවාගේ මව විදේශ ගත වී සිටීමත්,පියා රක්ෂිත බන්ධනාගාර ගත වීමත් හේතුවෙන් දරුවාගේ ආරක්ෂාව පතා ඔහුව තම බාරයට ගත් බව පොලීසිය කියයි.
මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.

9:42 PM
Unknown

0 comments:
Post a Comment