සරසවි සිසු පිරිසක් ගාලු පාරේ කොටසක් වසා දැමූ හැටි (VIDEO) ~ niruwatha

Wednesday, May 7, 2014

සරසවි සිසු පිරිසක් ගාලු පාරේ කොටසක් වසා දැමූ හැටි (VIDEO)

සම සෞඛ්‍ය උපාධිය වසර 3ක කාලයකට සීමා කිරීමට එරෙහි ව විශ්වවිද්‍යාල සිසුහු අද කොළඹදී විරෝධතා පා ගමනක නිරත වූහ.

පා ගමන හේතුවෙන් ගාලු පාර කොල්ලුපිටිය මං සන්ධියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා මාර්ගය තාවකාලිකව වසා දැමීමට ද සිදු විය.
විශ්වවිද්‍යාල සිසුන් සිය විරෝධතා පා ගමන ආරම්භ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලිනි.
පොලිසියේ උපදෙස් නොතකා පා ගමන ආරම්භ කළ පිරිස කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය, කුරුඳුවත්ත, තුන්මුල්ල පසුකර බම්බලපිටියට පැමිණියහ.
අරලියගහ මන්දිරය ඉදිරිපිටට ඔවුන් පැමිණියේ කොල්ලුපිටිය ඔස්සේ ය.
පොලීසිය පැවසුවේ, ගාලු පාරේ වාඩි වී විරෝධතාවයේ යෙදී සිටීම හේතුවෙන් ගාලු පාර කොල්ලුපිටිය මං සන්ධියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව ය.

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැය එකහමාරක් පමණ රැඳී සිටි පිරිස පසු ව විසිර ගියහ.

0 comments:

Post a Comment