“යුව්රාජ් සිංට මඩ ගහන්න එපා” – විරාට් කෝලි කියයි ~ niruwatha

Saturday, May 17, 2014

“යුව්රාජ් සිංට මඩ ගහන්න එපා” – විරාට් කෝලි කියයි

පසුගිය පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී අසාර්ථක වූ යුව්රාජ් සිං යළි සාර්ථකත්වයට පත් වන විට ඔහුට එරෙහිව චෝදනා නොකරන ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි ඉල්ලා සිටී.
ඔහු සඳහන් කළේ, ඇතැම් මාධ්‍ය විසින් යුව්රාජ් සිං මුදල් අපේක්ෂාවෙන් ක්‍රීඩා කරන බවට අසත්‍ය ප්‍රචාරයන් කරන බව ය.
මෙවැනි මඩ ප්‍රචාර කිසිදු ක්‍රීඩකයෙකුට එරෙහිව නොකරන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබේ.
යුව්රාජ් සිං මීට පෙර ලෝක කුසලාන දිනා ගැනීම සඳහා දුන් දායකත්වය අමතක නොකළ යුතු බව විරාට් කෝලි අවධාරණය කරයි.
දහසක් අපහාස මැද යුව්රාජ් සිං මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී යළි සාර්ථකත්වයට පත්වීම අගය කළ යුතු බව කෝලි පෙන්වා දෙයි.
පසුගිය දා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු 29කදී ලකුණු 68ක් රැස් කිරීමට සමත් විය.
ඔහු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩි ම මිලක් ලද ක්‍රීඩකයෙකු වූ අතර ඔහුට හිමිවූ මුදල ඉන්දීය රුපියල් කෝටි 14කි.
ඔහු මෙවර  රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළේ ය.


0 comments:

Post a Comment