අප අසා ඇති අන්දමට සමනළුන්ගේ ආහාරය මල් පැණිය. එහෙත් මල් පැණි බොන සමනළුන් කඳුළු උරා බීමට පෙලඹෙන්නේ ඇයි දැයි ඒ ගැන අසන කාටත් ප්‍රශ්නයකි.
මෙය සිදුවන්නේ ඇමසන් වැසි වනාන්තරයේ බටහිර දිසාවේය. මෙය ඉතාමත් ම අපූරු හා චමත්කාර දර්ශනයකි. ගඟේ වෙසෙන ඉබ්බන් පිටුපස එළවාගෙන ගොස් රොක් වෙඩි උන්ගේ මුහුණේ වැසීමට එකිනෙකා පරයමින් තැත්දරන කහ පාට හා තැඹිලි පාට සමනළුන් රංචු ඉතා ලස්සන දර්ශනයකි. ඇතැම් විට ඉබ්බෝ උන්ගේ හිස් ඒ මේ අත වනමින් මෙම කරදරකාරී සමනලුන් ගෙන් බෙරීමට තැත් දරති. නමුත් එය අතිශයින් අපහසු කාර්යයකි. ඇතැම් විට මෙම දසුන සිහින ලොවක් මවන චිත්‍රපටියක දර්ශනයක් දෝයි සිතනු නොඅනුමානය.
මේ සමනළුන්ට අවශ්‍ය වන්නේ මෙම ඉබ්බන්ගේ දෙනෙත්වලින් පෙරෙන කඳුළු උරා බීමටයි. පේරු රාජ්‍යයේ තම්බෝපාටා පර්යේෂණ ආයතනයට සම්බන්ධ විද්‍යාඥයෙකු වන ෆිල් ටොරෙස් පවසන අන්දමට සමනළුන්ගේ මේ කඳුළු බීමේ ගිජුකමට හේතුව ඉබ්බන් ගේ කඳුළුවල පවතින ලවණගතියයි. බටහිර ඇමසන් ඝන වනාන්තරය අත්ලන්තික් සාගරයට සැතපුම් දහස් ගණනකට එහායින් පිහිටීම නිසා එම ප්‍රදේශයේ සෝඩියම් ලවණයේ අඩුවීමක් ඇත. එසේම ඇන්ඩීස් කඳුවළල්ලෙන් හමන දැඩි සුළඟ නිසා මේ ලවණ ඇතුළු මිනරල් වශීය ඈතට ගසාගෙන යෑමක් සිදුවන බව හෙතෙම පවසයි.
ඉබ්බන් අනුභව කරන මාංශ ආහාර තුළින් මෙම ලවණ වර්ග බෙහෙවින් ඔවුන්ගේ සිරුරුවලට අවශෝෂණය වන නිසා ඔවුන්ගේ කඳුළු වලින් එම ලවණ වැඩි වශයෙන් පිටවීමක් සිදුවන බවද ටොරෙස් ගේ මතයයි. මේ නිසා තමන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය ලවණ සොයා යන සමනළුන්ට ඉබ්බන් ගේ කඳුළු ප්‍රණීත ආහරයක් වී ඇත. ඒ නිසා සමනල්ලු එම ඉබ්බන් ගේ දෙනෙත් වලට වැසීමට එකිනෙකා පරදවමින් උත්සාහ කරති.
9:01 PM
Unknown

0 comments:
Post a Comment