නව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රථම විදෙස් සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගනු ඇති බවට ඉන්දීය තානාපති ආරංචි මාර්ග අනාවැකි පළකර සිටී.දැඩි හින්දු බැතිමතෙකු වන මෝදි මහතා නුවරඑළියේ ඉදිකර ඇති සීතා දේවොල වන්දනා කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් එසේමඔහු ඉන්දියාව සමග ඒකාබද්ධව මෙරට ඉදිකෙරෙන සාම්පූර් බලාගාරය විවෘත කිරීමේ කටයුත්තටද සහභාගි වීමේ අපේක්ෂාවෙන් සිටින බවත් තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවෙ සංචාරය කරන ලෙසට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ වනවිටත් මෝදි මහතා වෙත ආරාධනා කර ඇත.අසල්වාසී රටවල් සමග සුහද මිතුරු සබඳතාවක් ගොඩ නගන බවට දිගින් දිගටම ප්‍රකාශ කරන මෝදි මහතා තමිල්නාඩු නායකයින්ගේ විරෝධතාවන් නොතකා පුද්ගලයෙකු ලෙසද මේ වනවිට පැහැදිලි වෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් නව විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. පසුගිය 2012 වසරේදී ද සුෂ්මා ස්වරාජ් ලෝක් සභාවේ විපක්ෂ නායකවරියලෙස මෙරට සංචාරය කළාය. එසේම ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුබවාදී ආකල්පයක් දරන තැනැත්තියක බවට ප්‍රකටය. මේ නිසා මෝදිගේ සංචාරය සඳහා ඇයගෙන්ද පිටිවහලක් ලැබෙනු ඇති බව තානාපති වාර්තා සඳහන් කරයි.
9:04 PM
Unknown

0 comments:
Post a Comment