සචිත‍්‍රගේ පන්දු යැවීම සැකලූ එංගලන්තෙන් චෝදනා ~ niruwatha

Monday, June 2, 2014

සචිත‍්‍රගේ පන්දු යැවීම සැකලූ එංගලන්තෙන් චෝදනා

ශ‍්‍රී ලංකා දග පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා. එංගලන්තය සමඟ පැවැති 4 වන එක්දින තරගයෙන් පසු පිටියේ විනිසුරුවන් මේ බව තරඟ තීරක ජෙෆ් ක්‍රෝ හට දැනුම් දී ඇති බවයි ජගත් කි‍්‍රකට් සම්මේලනය නිවේදනය කළේ. තරඟ තීරකවරයා අදාළ වාර්තාව ශ‍්‍රි ලංකා කණ්ඩායමේ කළමනාකරු වෙත ලබාදීමත් සමඟ දින 21ක් ඇතුළත සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයක් සිදුකළ යුතු වනවා. කෙසේ වෙතත්, අදාළ පරීක්ෂණය අවසන් වන තෙක් ජාත්‍යන්තර තරඟවලදී පන්දු යැවීමට සචිත‍්‍රට අවස්ථාව හිමි වනවා.

මේ ආකාරයටම ශ්‍රී ලංකා සුපිරි පිට දඟ පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන්ටද චෝදනා එල්ල උනා

0 comments:

Post a Comment