සෞදි අරාබියේ අබ්දුල්ලා රජුගේ නිවාස අඩස්සියේ පසුවන ඔහුගේ දියණියන් සිව් දෙනෙකු දින 60ක් පුරා කුසගින්නේ පසුවන බව වාර්තා වේ.
එම දියණියන් මාධ්‍ය ආයතනයකට අනාවරණය කර ඇත්තේ, තමන් වසර 13ක සිට මූලික අයිතිවාසිකම් නොමැතිව රඳවාගෙන සිටින බව ය.
ඔවුන් මෙසේ රඳවාගෙන සිටිනුයේ, ගල්ෆ් කලාපයේ කාන්තාවන්ට කරන අඩු සැලකිල්ලට එරෙහිව හඬ නැගීම හේතුවෙනි.
ඊට අමතරව, සිය මව පුත්‍රයෙකු නොවදා දියණියන් පමණක් වැදීම සම්බන්ධයෙන් ද අබ්දුල්ලා පිය රජු කෝපයට පත්ව සිටින බව ඔවුහු පවසති.
සහාර්, ජවහර්, මහා සහ හාලා නමැති මෙම දියණියන් මූලික අයිතිවාසිකම් හෝ නොමැතිව ජෙඩාහි පිහිටි රාජකීය මාලිගා දෙකක රඳවා සිටින බව ඔවුන් හෙළි කර තිබේ.
පසුගිය දින 60 පුරා ඔවුන්ට ආහාර ලැබී නොමැති අතර ජලය ඉතා ස්වල්පයක් ලැබී ඇත.
ඔවුන් මේ පිළිබඳව Skype තාක්ෂණය ඔස්සේ RT පුවත් සේවයට හෙළි කර ඇත්තේ, මෙය ඉවසිය නොහැකි තරම් හිංසනයක් බවට ය.
මෙම තත්ත්වය යටතේ තවදුරට ත් ජීවත් වීම ඉමහත් දුෂ්කර වී ඇතැයි ඔවුහු පවසති.
ඔවුහු වයස අවුරුදු 38ත් 42ත් අතර වයස්වල පසුවෙති.
මෙම දරුවන් බිහි කළ අබ්දුල්ලා රජුගේ බිසවක වූ අල් ෆායෙස් මේ වන විට රජුගෙන් දික්කසාද වී ලන්ඩනයේ වෙසෙන බව වාර්තා වේ.
89 හැවිරිදි අබ්දුල්ලා රජු, දරුවන් 38 දෙනෙකුගේ පියෙකු වන අතර ෆෝබ්ස් සඟරාව අනුව ලොව බලවත් ම සහ ධනවත් ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඇතුළත් වී සිටී.
ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 17 ඉක්මවයි.
8:48 AM
Unknown

0 comments:
Post a Comment