ඉන්දියාවේ සිසුන් තිදෙනෙක් 6 ශ්‍රේණියේ දැරියක් සමූහ දූෂණය කරලා ~ niruwatha

Monday, June 2, 2014

ඉන්දියාවේ සිසුන් තිදෙනෙක් 6 ශ්‍රේණියේ දැරියක් සමූහ දූෂණය කරලා

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ විදුහලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් එම පාසලේ ම සිසුන් තිදෙනෙකු විසින් සමූහ දූෂණය කරනු ලැබ තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඇය 13 වන වියේ පසුවන බව ය.
පාසල තුළ සෙල්ලම් කිරීමට යමින් සිටියදී මුහුණු ආවරණය කරගත් සිසුන් තිදෙනෙකු තමන් රැගෙන ගොස් දූෂණය කළ බවට එම දැරිය පැමිණි කර තිබේ.
මේ වන විට එම සැකකාර බාලවයස්කරුවන් අතරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය වාර්තා වූ අවස්ථාවේ අදාළ ගම්මානයේ ප්‍රධානියාට පැමිණිලි කිරීමෙන් පසුව පැවති ගම් සභාවෙන් එම සිද්ධියට සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් දැරියගේ පියා පොලීසියට පැමිණිලි කර තිබේ.
පොලීසිය පවසන්නේ, අදාළ ගම් ප්‍රධානියා මේ වන විට සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව ය.


0 comments:

Post a Comment