10 වසරේ ළමයින්ට ලිංගිකත්වය උගන්නන්න හදයි. ~ niruwatha

Sunday, June 1, 2014

10 වසරේ ළමයින්ට ලිංගිකත්වය උගන්නන්න හදයි.

ලිංගික අධ්‍යාපනය පාසල්වල 10 වසරේ සිට විද්‍යා විෂය යටතට ගෙන ඉගැන්වීමට පියවර ගන්නැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර අධ්‍යාපන විෂය පාඨමාලාවේ විද්‍යා විෂය යටතේ ඉගැන්වීම සම්බන්ධව කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
ඉහළ පන්තිවල සිසුන්ට ඒඩ්ස් රෝග තත්ත්වය හා ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් ලබාදීම මඟින් ලිංගික සම්බන්ධතා, ගැබ් ගැනීම් හා සමාජ රෝග වළක්වා ගැනීම පිළිබඳව යථාවබෝධයක් ලබාගත හැකි බවත් ඉහළ පන්තිවල සිසුන්ට සෞඛ්‍ය විෂය යටතේ දැනට උගන්වන මීට අදාළව ලබා දෙන දැනුම හා අවබෝධය කිසිසේත් ප්‍රමාණවත් නැතැයි ද වෛද්‍ය සිසිර ලියනගේ මහතා පෙන්වා දෙයි.

මේ විෂය කරුණු පිළිබඳව දැනටමත් සෞඛ්‍ය ඇමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා අතර ද සාකච්ඡා පවත්වා අදාළ කරුණු අවධානයට යොමුකර තිබෙන බව ද වෛද්‍ය ලියනගේ මහතා කීය.

0 comments:

Post a Comment