පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා සිය ධුරයෙන් අනිවාර්යෙන් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ ඉල්ලා අස් නොවුණහොත් ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතා පවසයි.
පසුගියදා අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය සම්පූර්ණ වගකීම බාරගත යුතු බවද ඒ මහතා අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.
තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මගින් බොරු ප්‍රචාර රටට නොදෙන ලෙසත් ඒ මහතා එහිදී කීවේය.
එසේම පසුගිය දින අළුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ඇති වු සිද්ධීන් වලදී පොලීසිය විසින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකළ බවත්, මෙරටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන නොපෙනෙන හස්තයක් ඇත් බවත්, එම හස්තය කවුරුන්ද කියා තමන්ට ප්‍රශ්නයක් මතුවන බවද හෙතෙම සඳහන් කළේය.
රටේ ජාතිවාදය අවුස්සා සිංහල මුස්ලිම් ජන කොටස් අතර අසමගිය ඇති කර තමන්ගේ දේශපාලන බලය ආරක්ෂා කිරීමට හැකි බව ආණ්ඩුව විසින් සිතනවානම් එය මිථ්‍යාවක් බවද ඒ මහතා කියා සිටියේය.
අළුත්ගම ප්‍රදේශයේ පසුගිය දිනක බොදුබල සේනා සංවිධානය සඳහා රැස්වීමක් පැවැත්වීමට අවසර ලබාදුන් පුද්ගලයින් එම ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන් වල වගකීම බාරගත යුතු බවත්, බොදු බල සේනා සංවිධානයේ එම රැස්වීමේදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි විසින් ජතිවාදය ඇවිස්සෙන අන්දමෙන් වියරු වී කතා කළ බවත්, ශාසනය රැකීමට නම් විනයක් තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් කියා ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.
විනයක් නොමැති , අශිලාචාර, දුශ්සීල ස්වරූපයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි විසින් එම රැස්වීමේ ප්‍රකාශ කළ බවත්, එම රැස්වීමෙන් ටික වේලාවකට පසු අළුත්ගම ප්‍රදේශයේදී අදාළ ගැටුම ඇති වු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හිමි විසින් ඇවිලෙන ගින්නට පිදුරු දැමූ බවත්, එම ගින්නට රජය විසින් පෙට්‍රල් දැමු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙරටේ සිටින චීවරධාරීන් පිරිසක් මෙරටේ නීතිය අතට ගෙන ජාතිවාදය අවුලවමින් රට විනාශ කරමින් සිටින බවත්, මෙරට නැවත අඳුරු යුගයකට යොමු කිරීමට ඔවුන් උත්සහ දරමින් සිටින බවත් කරුණාකර එවන් ක්‍රියා නතර කරන ලෙස තමන් විසින් පාර්ලිමේන්තුවේදී පවා ඉල්ලා සිටි බවද ඔහු එහදී කීවේය.
නැවතත් මේ රටේ ජාතිවාදය අවුලවා, එම ජාතිවාදය හරහා මෙරට පාලනය කිරිමටත්, එමගින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත සැපවත් කරගැනීමට මෙම ආණ්ඩුව ක්රියාකකරමින් සිටින බවත්, අළුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සඳහා සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් හෙතෙම කියා සිටියේය.
එසේම තමන් ඉදිරියේදී දේශපාලනය කිරීමට බලපොරොත්තුවක් නොමැති බවත්, ඒ සඳහා ආර්ථික තත්ත්වයක් නොමැති බවත්, ඒ මහතා එහිදී වැඩිදුරටත් කිවේය.
එම මාධ්‍ය හමුව අමතමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කර සිටියේ බොදු බල සේනා සංවිධානයේ නායකයින් අත්අඩංගුවට ගැනීමට නීති ප්‍රතිපාදන නොමැති බව පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කළ බවයි.
නමුත් ලංකා නීතිවේදී සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා විසින් බොදු බල සේනාවේ ක්‍රියාකලාපය වහාම නැවත්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිට ලිපියක් මගින් දන්වා ඇති බවත්, ඒ අනූව නීති ප්‍රතිපාදන නොමැති බව පොලිස්පති විසින් ප්‍රකාශ කරනුයේ කිනම් පදනමක් මතද යන්න තමන්ට ප්‍රශ්න සහගත බවත්, ඒ මහතා එහිදි කියා සිටියේය.
පසුගිය දා ඇති වු ගැටුම්කාරී තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට ආණ්ඩුව වන්දි නොගෙවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
2 comments:
ane ain weyanko... ratatama sethak..
Munta pissu...........mun attatama Sinhala......ape hamuduruwanta gahapu welawe mun kohede hitiye........Pelapaliyata Gal gahankota mun koheda hitiye.............Mun .......danna onee.......
Post a Comment