niruwatha

Thursday, July 24, 2014

ඉන්දියාවේ විභාග ප්‍රශ්න - උසින් වැඩි ම නිළිය කවුද?

ඉන්දියාවේ අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු සඳහා බඳවා ගැනීම් වෙනුවෙන් පැවැත්වූ විභාග ප්‍රශ්න පත්‍රයක සඳහන් වූ අපූරු ප්‍රශ්නයක් පිළිබඳව ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් නිර්මාණය වෙලා තියනවා.

එම ප්‍රශ්නය වන්නේ, ‘මේ අතරින් උසින් වැඩි ම නිළිය කවුද?’ 

ඒ සඳහා දී තිබූ පිළිතුරු 4 වූයේ, හ්‍යුමා කුරේෂි, කට්‍රිනා කායිෆ්, දීපිකා පාදුකෝන් සහ ප්‍රීටි සින්ටා ය.

මෙම ප්‍රශ්නය පිළිබඳව රජයේ සේවකයින්ගේ පමණක් නොව සමාන්‍ය වැසියන්ගේ ද විරෝධය පළ වෙලා තියනවා.

ඔවුන් ප්‍රශ්න කළේ, රජයේ බඳවා ගැනීම් සඳහා පැවැත්වෙන වැදගත් විභාගයකට මෙවැනි ප්‍රශ්න සුදුසු ද යනුවෙන් 

මෙය උපාධිධාරීන්ට කළ නින්දාවක් බව ඔවුන් කියනවා.

මේ අතර, රජයේ සේවක බඳවා ගැනීම් කොමිසමේ සභාපති ඒ බට්ටාචාර්ය මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලලා තියනවා.

මෙම ප්‍රශ්න පත්‍රය සිය කොමිසම විසින් සකස් කරනු නොලැබූ බව ත්, පිටස්තර විශේෂඥයින් කණ්ඩායමක් එය සකස් කළ බව ත් ඔහු කියලා තියනවා.

මෙන්න ඒ ප්‍රශ්න පත්‍රය 



හ්‍යුමා කුරේෂි



කට්‍රිනා කායිෆ්



දීපිකා පාදුකෝන්



ප්‍රීටි සින්ටා

වෙරළේ කම් සැප සෙවූ යුවලට වැඩ වැරදී (Video/Photos)


ඇමරිකාවේ ෆ්ලොරිඩාහි වෙරළ තීරයේ මහජනයා ගැවසුණ කුඩා ළමුන් සෙල්ලම් කරමින් සිටි ස්ථානයක ප‍්‍රසිද්ධියේ අඹුසැමියන් ලෙස හැසිරුණ යුවළක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.මුහුදේ පිහිනන්නට පැමිණ සිට මේ දෙදෙනා බොහෝ වේලාවක් අව්ව තපිමින් නිසොල්මනේ සිටි බවත් පසුව අවට අය ගැන කිසිදු හැඟීමක් නැතිව මිනිත්තු 25 ක් පමණ වේලාවක් ලිංගිකව හැසිරුණ බවත් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ වැඩිහිටි කාන්තාවක ප‍්‍රකාශ කර ඇත.

ඇය මෙම සිද්ධිය දුරකථන කැමරාවෙන් වීඩියෝවට නැගූ අතර පොලිසියට දන්වා ඔවුන් පැමිණි පසු වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කර තිබුණා. සිද්ධිය ඇසින් දුටු 4 හැවිරිදි දැරියකද පොලිසියට සාක්ෂි දී ඇත.

තමා වසර ගණනාවක් තිස්සේ මෙම වෙරළ තීරයට එන නමුත් මෙවැනි සිද්ධියක් ඇස ගැටුණ ප‍්‍රථම වතාව මෙය බවත් කුඩා ළමුන් ඉදිරියේ මේ ආකාරයට හැසිරීම තිරිසන් ක‍්‍රියාවක් බවත් වැඩිහිටි කාන්තාව ප‍්‍රකාශ කර ඇත.

මෙම අශෝභන ක‍්‍රියාව නිසා අත්අඩංගුවට පත්ව ඇත්තේ 39 හැවිරිදි ජොසේ කැබලෙරෝ නමැති කායවර්ධන උපදේශකයෙකු හා ඔහුගේ පෙම්වතිය බව කියන 20 හැවිරිදි එලිසා ඇල්වරෙස්ය. ඔහඅ කැබලෙරෝ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට පසුගිය කාලයේ සිරගතව සිට නිදහස ලැබූ අයෙකු බවද මාධ්‍ය වාර්තා දක්වා ඇත. ප‍්‍රසිද්ධියේ අශෝභනව හැසිරීම යන චෝදනාව යටතේ මොවුන් දෙදෙන අගොස්තු මස උසාවියට කැඳවන්නට නියමිත බවද ෆ්ලොරිඩා පොලිසිය දන්වා සිටිනවා.

සිද්ධිය සම්බන්ධව විදෙස් මාධ්‍ය වල පළවූ වීඩියෝ වාර්තාවක් පහතින්







Florida couple caught after witness records them having sex on beach





දත් 232ක කටක් (Photos)

මුඛයේ දත්  232ක්  සහිත ඉන්දිය ජාතික තරුණයෙකු  විශේෂ ශල්‍යකර්මයකට  භාජනය කර තිබේ.පැය  07ක කාලයක්  පුරා සිදුකළ  අදාළ සැත්කමෙන් අනතුරුව ඔහුගේ මුඛයේ තිබු  දත් 204 ක් ඉවත් කළ බව  වෛද්‍යවරුන් පවසයි.


මෙලෙස අසාමාන්‍ය පරිදි මුඛයේ දත් පිහිටා ඇත්තේ 17 හැවිරිදි  ආශික් ගවායි නැමති තරුණයෙකුගේ බව සඳහන් වෙයි.  ඔහු   මාස  18ක පමණ කාලයක සිට  මුඛයේ වේදනාවෙන් පීඩාවට පත්ව සිට ඇති බව   විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.

අදාළ තරුණයාගේ මුඛයේ හටගෙන  තිබු තුවාලයක් පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පැවති  බැවින් කඩිනමින් ඔහු ශල්‍යකර්මය සඳහා  මුම්බායි නුවරට රැගෙන ආ බව  ආශික් ගවායිගේ පියා පවසා ඇත.
teeth1teeth2

ලක්ෂ 30ක පළමු පොලිස් යතුරුපැදිය අනතුරට

පසුගියදා ලංකාවේ පොලීසි සියල්ලටම යමහා 600 සී.සී වර්ගයේ අධිවේගී යතුරු පැදි 315ක් ඛෙදාදී තිබූ අතර ඒ වෙනුවෙන් වැයවූ මුදල රු. රුපියල් මිලියන 945ක් බව මීට පෙර අප විසින් හෙළි කරන ලදි.

රු.ලක්ෂ 30ක් පමණ වූ එවන් එක් පොලිස් යතුරුපැදියක් පෙරේදා රාත්‍රියේදී අනතුරට ලක්වූ බව නිරුවත.lk වෙත වාර්තාවේ. අනුරාධපුර ප්‍රදේශයේදී එම අනතුර සිදුවී තිඛෙන්නේ යතුරුපැදිය ධාවනය කළ පොලීස් නිළධාරියාගේ වරදිනි. වේගය පාලනය කරගත නොහැකිවූ පොලිස් යතුරුපැදිය වේගයෙන් ගොස් ඩිමෝ බට්ටෙකුගේ පිටුපසින් හප්පා ඇති අතර අධික වේගය හේතුවෙන් ඩිමෝබට්ටාගේ වහලයද ගැලවී විසිවී තිබේ. අනතුරේ ජායාරූප එකතුවක් පහතින්.





Wednesday, July 23, 2014

වෛද්‍ය නිර්දේශයක් නැතුව ලිංගික උත්තේජනයක් ඇති කරන්න ෆාමසි හිමියන් සුදානම්

ලිංගික උත්තේජනයක් ඇති කරන ඖෂධයක් මේ දිනවල සීග්‍ර ලෙස අලෙවි වීමට පටන් ගෙන ඇතැයි ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි.මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශවලින් තොරව භාවිතා කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් වුවද මේ වන විට කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඇතැමුන් මේවා මිලදී ගැනීමට කටයුතු කරන බව ජාතික ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා මහතා සඳහන් කළේය. මේ වන විට නුගේගොඩ, කොහුවල, වැල්ලවත්ත, පිටකෝට්ටේ , වැනි ප්‍රදේශවල මේවා වෛද්‍ය වට්ටෝරුවකින් තොරව අලෙවි කළ ෆාමසි කීපයක්ම නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව තිබේ. මෙම ඖෂධය භාවිතා කිරීමට පෙර පුද්ගලයෙකුගේ රුධිර පීඩනය මැනිය යුතු වීම අනිවාර්ය වේ. එසේ කළ යුතු වන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව රුධිර ගමනා ගමනය වේගවත් වී ජීවිතයට හානි පැමිණවිය හැකි බැවින් යැයි හෙතෙම පැවසීය. මෙම ඖෂධය සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 25 ක් භාවිතා කළ යුතු වුවද බොහෝ පුද්ගලයින් එය භාවිතා කරනුයේ මිලිග්‍රෑම් 100 අධිමාත්‍රාවෙන් බව කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත. මේවා බොහෝ විට ත්‍රිරෝද රථ රියැදුරන්, පාසල් සිසුන් හා වයස්ගත පුද්ගලයින් වැඩි වශයෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව පරීක්ෂණවලින් හෙළි විනැයි ද අමිත පෙරේරා මහතා පැවසීය.
මෙම ඖෂධ බොහෝමයක් අලෙවි කර ඇත්තේ ඖෂධවේදීන් විසින් බවත් ඔවුන්ට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි. ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ මහතාගේ උපදෙස් පරිදි ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.ගුරුසිංහ සහ අජිත් රෝහණ විසින් මෙම වැටලීම් කරනු ලැබ ඇත.

ලෙබනන් හිර ගෙදර විඳවන අනූෂාය මහ උන් සැළකුවේ ඇය හට මෙලෙසාය

අනුෂා දිසානායක මේ වනවිට ඉන්නේ ලෙබනන්වල ගැටුම් සහිත කලාපයක පිහිටා ඇති ටි්‍රපෝලි හිරගෙදරය. ඇය සිරගත වන්නේ 2010 දීය. ඒ මිනීමැරුම් චෝදනාවකට ලක්‌වීමෙන්ය. ඇය ගැන දිවයිනට කියන්නේ ලෙබනන් මානව හිමිකම් මධ්‍යස්‌ථානයේ නීති අංශයය. ඒ කතාව අසන්නට පෙර අප අපේ රටේ අනුෂා දිසානායක ගැන තොතුරු සොයාගතයුතුව තිබිණි. සියඹලාණ්‌ඩුවේ පිහිටි ඇගේ නිවස සොයාගෙන දිවයින මාධ්‍යවේදී මාපා තිලකසූරිය යන්නේ ඇයට වී ඇති නින්දාසහගත අවනඩුවේ ස්‌වරූපයේ එක්‌ පැත්තක්‌ කියන්නටය. මුලින්ම අප සටහන් කරන්නේ යාපා තිලකසූරියට අනුෂාගේ දෙමව්පියන් හා සොයුරු සොයුරියන් කී කතාවය.


අනුෂා දිසානායක

ඇය සියඹලාණ්‌ඩුව අම්පාර පාරේ පදිංචිකාරියකි. එක්‌ දරු මවකි. හත්දෙනකුගෙන් යුතු දුගී පවුලක තෙවැනියා අනුෂාය. ඇගේ පියා පෙදරේරුවෙකි. ගමේ ඉස්‌කෝලෙන් සාමාන්‍ය පෙළ හදාරන අනුෂා විසි වයස්‌ පිරෙන්නට පෙරම කොළඹ ගාර්මන්ට්‌ එකක රැකියාවට යන්නීය. එතැනදී හ`දුනාගත් දඹුල්ල ප්‍රදේශයේ තරුණයෙක්‌ හා විවාහ වන්නීය. එතැන්සිට ඇයගේ පවුලේ ඇත්තන් අපට කී කතාව මෙසේය.

"අනුෂා විවාහ වුණේ දඹුල්ල පැත්තෙ කෙනෙක්‌ එක්‌ක. එයාට දුව ලැබුණේ 2000 අවුරුද්දෙ. දරුවා ලැබිලා ටික දවසකින් එයා රට ගියා. ගිහින් අවුරුදු තුනක්‌ ඉ`දලා ආවා. ආපහු ගෙදර තියෙන ආර්ථික තත්ත්වය උඩ එයා දරුවා ඉස්‌කෝලෙ යන වයස ආවාම ලෙබනන් යන්න ලෑස්‌ති උනා. ඒ වෙනකොට මේ අනුෂයි මහත්තයයි අතරෙ සම්බන්ධය දෙදරලා තිබුණා. එයා අයෙත් 2006 අවුරුද්දෙ ලෙබනන් රටට ගියා."


"මෙහෙම ගිහින් අවුරුදු තුනක්‌ ගියා. අනුෂා ගෙදරට කතා කරලා කිවුවා අනේ දැන්නම් ඉන්න හරි අමාරුයි. පුළුවන්නම් මාව ලංකාවට ගෙන්න ගන්න කියලා. ඒ වෙනකොට 2009 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ. අපි මේ ගැන කියන්න කොළඹ ආවා. ඇවිත් විදේශසේවා නියුක්‌ති කාර්යාංශයට පැමිණිලි කළා. ජනාධිපතිතුමාට ලිව්වා. රංජන් රාමනායක මහත්තයා ඒ වෙනකොට මැදපෙරදිග දුක්‌ වි`දින කාන්තාවො ගැන කතා කරමින් හිටිය නිසා එතුමටත් ගිහින් මේ ගැන කිව්වා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උත්තරයක්‌ ආවා මේ ගැන ක්‍රියාකරන්න තොරතුරු මදි කියලා. විදේශසේවා නියුක්‌ති කාර්යාංශයෙන් වචනයක්‌වත් කිව්වෙ නෑ."

අනුෂාගේ බාල සොයුරා අප හා කතා කළේය. "අපි අක්‌කව ගෙන්න ගන්න වලිකෑවෙ 2009 සැප්තැම්බර් ඉ`දලා. අම්මලා තාත්තලා ඒ වෙනුවෙන් නොගිය තැනක්‌ නෑ. විදේශසේවා නියුක්‌ති කාර්යාංශය අපි කියන එකට කන් දුන්නෙ නෑ. අක්‌කව ගෙන්න ගන්න බැරිඋනා. අන්තිමට අක්‌කා මිනීමරුවෙක්‌ උනා."

තවත් විශේෂ ප්‍රශ්නයක්‌ ඔවුන්ගෙන් ඇසිය යුතුව තිබිණි.

"අනුෂා ලෙබනන් පොලිස්‌ අත්අඩංගුවට පත්වනවිට ලෙබනන් තානාපති කාර්යාලයට භාරදුන් එයාගෙ රත්තරං බඩුයි සල්ලියි ගෙදර අයට හම්බු උනාද?."

"මොන බඩුද මහත්තයො... මහත්තයලා කියනකම් අපි ඒ ගැන කිසිදෙයක්‌ දන්නෙ නෑ..." ඔවුහු අප සමග කීහ.

සිවු වසරක්‌ සිරගෙදර සිටි ඇයගේ නඩුව වසරකට පසු පසුගිය ජූලි 01 දා ලෙබනනයේ බාබ්දා උසාවියේදී ඇසිණි. එහිදී ඇයව ලෙබනන් ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්නට හමුවිය. පසුගිය සතියේ තානාපතිවරයකුගේ දිනපොත තීරය ලියන ලෙබනන් තානාපති රංජිත් ගුණරත්න ලියා තිබුණේ ඇය තානාපති මහත්වරුන්ට භාරදුන් රන් භාණ්‌ඩ හා මුදල් ගෙදරට ලැබුණාදැයි ඇය තවම නෙදන්නා බවයි.

මේ අතර අපට ලෙබනන් මානව හිමිකම් මධ්‍යස්‌ථානයේ අනුෂා දිසානායකගේ සිද්ධිය පිළිබ`ද කටයුතු කරන නිලධාරිනියක්‌ සම්බන්ධ කරගැනීමට අවස්‌ථාව ලැබෙන්නේය. ඇය දීර්ඝ ලෙස මේ සිද්ධිය ගැන කතාකරන්නීය. ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය එම ආයතනයේම හස්‌නා අබ්දුල් රෙදා ය. මේ සමස්‌තය ගැන අප කියනවාට වඩා එම මානව හිමිකම් නිලධාරිනියගේ දෘෂ්ටියෙන් විමසීම වටින්නේය. මේ සිදුවීම පිළිබ`ද ඇය කියනා කතාව පදනම් කරගෙන මේ ලිපිය මෙතැන් සිට පෙළගැසෙන්නේ එබැවිනි.

අනුෂා දිසානායක ලෙබනන් ජාතික මානව හිමිකම් නිලධාරිනියකගේ ඇසින්

දිනය ජුලි පළමුවැනිදාය. අනුෂා දිසානායක නමැති මිනීමැරම් චෝදනාවට ලක්‌වී සිටිනා ශ්‍රී ලාංකික කාන්තාවගේ නඩුව විභාගයට පත්වන්නේ එදිනය. විදේශයකදී මේ නොදියුණු නූගත් මිනිසුන්ගේ දුක්‌ත ඉරණම අප කම්පනයට පත් කරවන්නේය.

ඇත්තම කියනවානම් ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයින් අතපල්ලෙන් වැටුණු කාලකණ්‌ණින්ය. ඒ කාලකණ්‌ණිකමේ ප්‍රමාණය ඔවුන්ගේ තානාපති කාර්යාල වලින් පිළිබිඹු වන්නේය. ලෙබනනයේ ටි්‍රපොලි සිරගෙදර පුරා සිවු වසරක්‌ නඩු නැතිව සිරවී සිටින මේ කාන්තාවගේ නඩුව වසරකට පසු යළිත් කැ`දවා තිබුණේ ජූනි මස 20 වැනිදාය. ඒ බව ලෙබනනයේ මානව හිමිකම් මධ්‍යස්‌ථාන පාර්ශවයෙන් මම තානාපති කාර්යාලයට දැනුම් දුන්ණෙමි. තමන්ගේ රටේ දුක්‌ත තත්ත්වයට පත් මේ කාන්තාවට පිහිටවනු තබා ඔවුන් ඇය වෙනුවෙන් භාෂා පරිවර්තකයෙක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් නොවූයේය. එබැවින් යළිත් වරක්‌ මම ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සෘජුවම දුරකථනයෙන් සම්බන්ධ කරගතිමි. මා කලින් ඇමතූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරියා භාෂා පරිවර්තකයන් ලබා දෙනවා තබා නඩුව සම්බන්ධව තානාපතිවරයාව දැනුවත් කර තිබුණේවත් නැත. ඇයගේ නඩුව නැවත අද (ජූලි 31) නැවත කැ`දවන විට භාෂා පරිවර්තක ලෙස පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා තානාපති වරයාය. මෙහි අරුත කුමක්‌දැයි නොවැටහෙතත් මේ ආගමනය මා පුදුමයට පත්කර තිබුණේය.

අපේ කාර්යාලයේ ඇති දත්ත වලට අනුව මේ මොහොත වනවිට ශ්‍රී ලාංකික කාන්තාවෝ අටදෙනෙක්‌ ලෙබනනයේ සිරක`දවුරු වල සිරබත් කමින් සිටිති. මා අභියස සිටින්නේ එවැනි එක්‌ කාන්තාවකි. ඇය අනුෂා දිසානායකය. ලංකාවේ ඈත දුෂ්කර ගමක සිට ජීවිතය ගොඩනගාගන්නට ලෙබනනයට පැමිණි ඇයට ජීවිතය වැරදී තිබිණි. සහමුලින්ම වැරදී තිබිණි. ඇය 2006 වසරේදී ලෙබනනයට එන්නේ එක්‌ දරු මවක්‌ ලෙසය. සැමියා විසින් හැරදමා ගිය හුදකලා ගැහැනියක ලෙසය.

මනුෂ්‍ය සම්බන්ධතා වල ස්‌වරූපය රූල් ගසා කොටුකර පෙන්වාදිය හැකි නොවේ. මෙම කාන්තාව ජීවිතයෙන් හුදකලාවී පලා ආ තැනැත්තියකි. අවාසනාවකට මෙන් මේ ලෙන්ගතුකම හීන රටේදී ස්‌වකීය තානාපති කාර්යාලයෙන්ද අත්හැර දමන ඇය රැකවරණය සොයන්නේ සල්ලාල ඊජිප්තු ජාතික පිරිමියෙකුගෙනි. ඇය කියන පරිදි ඇය මේ තත්ත්වයට ඇදවැටෙන්නේත් තානාපති නිලධාරීන් නිසාය. ගුවන් බලපත්‍රය හා වීසා රහිතව සිටි ඇය තානාපති කාර්යාලයට රැකවරණය පතා ගිය පසු ඇයව ලංකාවට යවන පොරොන්දුව මත ර`දවාගෙන සිට ලිංගික අල්ලස්‌ද රැගෙන ඇයව මහමග දමා යන්නේ තානාපති නිලධාරීන්ය.

ඇයම පවසන පරිදි රැකවරණ ලබාදෙන්නට ඉදිරිපත් වූ මේ සල්ලාල පුරුෂයා ඇය සමග සහවාසයේ යෙදෙමින්ම තවත් ශ්‍රී ලාංකික කාන්තාවක්‌ ඇයගේම නිවහනට රැගෙන එන්නේය. ඇය උපයන මුදල් කොල්ල කන්නේය. ඇයට දරුණු ලෙස පහර දෙන්නේය. එක්‌ අවස්‌ථාවක ඇය ආහාර පිළියෙල කරමින් සිටියදී ඔහු පැමිණ ඇයට පහරදී පුච්චන්නට හදන්නේය. මේ පිරිමියා මිය යන්නේ ඒ අවස්‌ථාවේ ඇය හා පොර බැදීමේදී ඇය අත වූ පිහිය ඇනීමෙනි. පිහි පහරකින් බරපතළ තුවාල ලබන මේ පුද්ගලයා පසුව මිය යන්නේය.

මේ මරණයේ යුක්‌තිය පසි`දලීම රටේ අධිකරණය සතු කාර්යයකි. එහෙත් ඊට මෙපිටින් මහා මානුෂික යථාර්ථයක්‌ සහිත කතාවක්‌ තිබේ. මේ මොහොත වනවිට ඇය ජීවිතාපේක්‌ෂාවන් හැරදමා ඇත්තීය. බි`දවැටුණු මානසිකත්වයකින් පසුවන මේ ගැහැනිය සිරගෙදරදී සිය දිවි හානි කරගනු ඇතැයි යන බියමුසු හැ`ගීම මා තිගස්‌වයි. මා මුලින් දකිනා අවස්‌ථාවේ අනුෂා දිසානායක සැබැවින්ම ප්‍රසන්න පෙනුමක්‌ සහිත ගැහැනියකි. එහෙත් මේ වනවිට ඇය වැහැරී ගොස්‌ය.

ඇය සිරගත වන්නේ 2010 වසරේදීය. පුරා වසර හතරක්‌ තිස්‌සේ ඇය ගැටුම් පවතිනා ප්‍රදේශයක ඇති ටි්‍රපෝලි සිරගෙදර සිරබත් කන්නීය. ඇයගේ රට ඇය වෙනුවෙන් ඒ වකවානුව තුළ සිදුකළයුතු මානුෂික උපකාර සිදුකර නොතිබිණි. තානාපති කාර්යාලයේ මේ මන්දගාමී හැසිරීමත් සමග ඇය තවත් අවුරුදු හතරක්‌වත් නඩුව ඇසෙන තෙක්‌ මේ නිරයේ ලගිනු ඇත. ඉන්පසුව පැමිණෙන්නේ ද`ඩුවම් කාලයයි.

ඇයගේ කතාව අසන විට අපට හිතෙන්නේ ඇය මේ නිරයෙන් බේරා ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යලයට හැකිව තිබුණු බවය. ලෝකයේ තානාපතිවරු ස්‌වකීය වැසියන් පිළිබ`දව හැසිරෙන ආකාරය දෙස බලන විට මේ සිදුව ඇත්තේ මොනතරම් අශික්‌ෂිත පාවාදීමක්‌ දැයි මට සිතේ. අනුෂා දිසානායක විසින් ලිතව ඉදිරිපත් කර ඇති ආකාරයටත් ඇය අපට තොරතුරු ඉදිරිපත් කළ ආකාරයටත් ඇගේ පාර්ශවයේ කතාව මෙසේය.

"මම ඒ වෙනකොට වැඩකරපු ගෙදර මහා කරදර තැනක්‌. මං ගොඩක්‌ ප්‍රශ්න වලට මුහුණ දීලා හිටියෙ. කෙරෙන හිරිහැර දරාගන්න බැරිඋනා. මට ඕන උනා ලංකාවට එන්න. ගෙදරටත් මේ කතාව කියලා මං කිවුවා පුළුවන්නම් මාව ලංකාවට ගෙන්න ගන්න කියලා. මං ගෙදරින් පැනලා ආපු නිසා මට පොතයි වීසා යි තිබුණෙ නෑ. මං තානාපති කාර්යාලයට ගිහින් බැගෑපත් වෙලා කිව්වා මට ලංකාවට යන්න ඕන. පොත හදලා දෙන්න කියලා. ඒත් ඒ ඉල්ලීම ඉටු උනේ නෑ. ඊට අවුරුද්දකට පස්‌සෙ මං ආයෙත් තානාපති කාර්යාලයට ගියා. ගිහින් කිව්වා අනේ මොනව හරි ක්‍රමයකින් මට ලංකාවට යන්න දෙන්න. මට මගෙ දරු පැටියා බලන්න ඕන කියලා. ඒත් අය කිසිම උත්තරයක්‌ දුන්නේ නෑ."

"ඒත් මේ කාලෙ මට දැනගන්න ලැබුණා යුද්දයත් එක්‌ක වීසා නැති කට්‌ටිය ලංකාවට යවනවා කියලා. ඒ දැනගත්තු ගමන්ම මම තානාපති කාර්යාලයට ගියා. ඔවුන් මට කිව්වා දිනයක්‌ ටෙලිෙµdaන් කරලා දන්වන්නම් කියලා. හරියටම මාසෙකට පස්‌සෙ මේ තානාපති කාර්යාලයෙන් මට කතා කරලා කිව්වා දැන් හරි යන්න ලෑස්‌ති වෙලා එන්න කියලා. මං එදා උදෙන්ම ගිහින් දවල් එකොළහ වෙනකම් තානාපති කාර්යාලයේ හිටියා. ඒත් මගෙත් එක්‌ක යන්න ඉන්න කට්‌ටිය ආවෙ නෑ කියලා මට ආපහු යන්න කිව්වා. මං ඉකි ගහලා ඇ`ඩුවා. ඒ අය මාව දවස්‌ දෙකක්‌ නවත්වා ගත්තා. පස්‌සෙ තානාපති කාර්යාලයේ වෑන් එකෙන් මාව මගට ගිහින් බැස්‌සුවා. මේ කාලකණ්‌ණි සිද්ධිය වුණේ ඊට පස්‌සෙ."

ඇය ඊජිප්තු ජාතිකයාගේ රැකවරණය සොයා යන්නේ ඉන් පසුවය. එම සල්ලාල පුරුෂයා ඇය අතින් මැරුම් කන්නේ ඉන් පසුවය. මේ මිනීමැරුම් සිද්ධියෙන් පසු අනුෂා සිය කතාව කියන්නට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යන්නීය. තානාපති නිලධාරීන් මුලින්ම ඇයට කියන්නේ ඇය පොලිසියට භාරදෙන බවය. සිරගෙදර ඉන්නට නොහැකි බව කී විට ඔවුන් ඇය දෙදිනක්‌ තානාපති කාර්යාලයේ රැ`දවුම් නිවාසයේ නවතා ගන්නේය. අනතුරුව පුළුවන් ආකාරයකට සැ`ගවී සිටින ලෙස කියමින් පිටත් කර හරින්නේය. පසු දිනෙක තානාපති කාර්යාලයට පැමිණෙන ඇය තානාපතිවරයා හමුවන්නීය.

එහිදී ඇයගේ රන් භාණ්‌ඩත් ඇය උපයා ගත් ඩොලර් හත්දාහත් තානාපති කාර්යාලයේ එකවට සිටි කම්කරු උපදේශකවරයෙක්‌ විසින් භාර ගන්නේය. ඔහු සමග සිටින්නේ දූෂිත තවත් දූෂිත නිලධාරියෙකි. (ඔහු අතින් සිදුවන දූෂිත අපරාධවලට වරදකරුවී පසු කලෙක හේ ලංකාවට ගෙන්වාගෙන තිබිණි.) ඇය අපට කියන ආකාරයට අනතුරුව මේ නිලධාරීන් ලංකාවට ඇය පිටත් කිරීමේ පොරොන්දුව පිට ලිංගික අල්ලස්‌ද ලබා ගන්නේය. පසුව ලංකාවට යවන්නට පැමිණෙන්න කියන්නේය. පැමිණි පසු යළිත් පිටත්කර යවා ඇය සැ`ගවී සිටි නිවස පිළිබ`ද ඔත්තුව ලෙබනන් පොලිසියට දී ඇයව පාවා දෙන්නේය.

මේ මිනිසුන් ජීවිත අභිමානයක්‌ නැතිව හැමදාම අපේ රටවල වහල් සේවයේ යෙදෙන්නේ ඇයිදැයි මම දැන් වටහාගෙන සිටිමි. මේ ඔවුන්ගේ මවු රටවල වගකීම් රහිත නොදියුණු ස්‌වරූපයය. මා හමුවේ ඉන්නේ උපන් රටේ තානාපති කාර්යාලයට රැකවරණය පතා පැමිණි විට එම තානාපති නිලධාරීන් විසින් දූෂණය කරනු ලදුව උපයාගත් සියලු සේසත කොල්ලකා විජාතිකයන්ට පාවා දෙනු ලැබූ ඒ අසරණ අනුෂාය. මේ මොහොත වනවිට ඇය සම්බන්ධ එකදු ලිපිගොනුවක්‌ තානාපති කාර්යාලයේ වෙත්දැයි නොදනිමි. ඒ සොරමුල අනුෂා සම්බන්ධ සියලු සාධක විනාශ කර දමා ඇති අයුරු තානාපති කාර්යාලයෙන් ඇසෙන කතා වලින්ම තේරුම් ගත හැකිය.

ඇය අල්ලාගත්තාට පසු ඇගේ රටේ කිසිවෙක්‌ ඇය ගැන සොයා නොබැලූහ. ඇය වෙනුවෙන් යමක්‌ කළා නම් ඒ ලෙබනනයේ මානව හිමිකම් මධ්‍යස්‌ථානයේ අපය. සිරගතවනවිට සිටි ඇයට ඇගේ යොවුන් දියණිය ගැන කියමින් ඇය හ`ඩා වැටෙන්නීය. අපට ඇය ගැන දුකය. ගෝත්‍රිකත්වයෙන් නොමිදුණ ඇය ඉපදුණ රට ගැන දුකය. ඒ රටෙන් නිෂ්පාදනය වන අනූෂලා හෙටත් මේ රටවල ඉ`දුල් කන්නට අපනයනය කරනු ඇත.

(ලෙබනන් මානවහිමිකම් මධ්‍යස්‌ථානයේ නීති උපදේශිකා හස්‌නා අබ්ඩල් රෙදා සහ නීති අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරු ඇසුරින් සැකසිණි.)

පසු සටහන

වර්ෂ 2011 ජුලි මසදී තමාට වූ අවනඩුව පිළිබ`ද ඇය විසින් ලිත සංදේශයක්‌ ජනාධිපතිවරයා වෙත යොමු කර තිබිණි. එම ලිපියට පිළිතුරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මේධා බෙම්මුල්ල විසින් CS/1/11/51/31510 දරන ලිපියෙන් දන්වා ඇත්තේ අවශ්‍ය ඉදිරි පියවර ගැනීම ස`දහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකරන ලද බවය. එම ආයතනය විසින් අවශ්‍ය කටයුතු කරනු ලබනු ඇති බවත් ඇය දන්වා තිබේ.

ලිංගික සතුට ගැන සම වයසේ තරුණ තරුණියන්ගේ වෙනස්‌ රුචිකත්වයන්

යාන්තමින් දැලි රැවුල වැවුණු මුහුණින් යුත් තම පුතු හෝ හොඳින් අඟ පසඟ වර්ධනය වූ තම දියණිය දෙස බලමින් දෙමාපියන් මවන සිහින බොහෝය. ඒ අතර රටේ ලෝකේ සිද්ධවෙන විවිධ සිද්ධීන් අහන දකිනවිට තම තරුණ දුව පුතා ගැන දෙමාපියනට බියකුත් දැනේ. "ඉස්‌සර වගේ නෙවෙයි දැන් සමාජය බොහොම සංකීර්ණයි. වැරදි මඟට යොමුවන්න තියෙන ඉඩකඩ වැඩියි" වැඩිහිටියෝ පවසති. නමුත් සමාජය සංකීර්ණ වූයේ කෙසේදැයි කියා ඔවුහු සොයා නොබලති.

වර්තමාන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිළිබඳව කරන ලද සමීක්‌ෂණයකට අනුව අනාවරණය වී ඇත්තේ ඔවුන්ගෙන් බහුතරයකගේ පළමු අපේක්‌ෂාව රැකියාවක්‌ සඳහා විදේශගත වීමය. එලෙස විදේශ ගතවීමට සිතන තරුණ තරුණියන් නිතර අවධානය යොමු කරන්නේ බටහිර ගැති සිරිත් කෙරෙහිය. එම රටවල ඇති අධ්‍යාපන නිදහස, සමාජ නිදහස ගැන තොරතුරු දැනගන්නා ඔවුහු එය ශ්‍රී ලංකාව තුළදීත් අත්විඳීමට උත්සාහ කරති.

එහිදී තරුණවියේ පවතින කුතුහලය, ආවේගශීලි බව සහ ශරීරයේ ජවසම්පන්න බව උපයෝගි කරගෙන බොහෝ තරුණ තරුණියෝ ලිංගික සතුට කෙරෙහි වැඩි උනන්දුවක්‌ දක්‌වති. තරුණවියේ බරපතළ ගැටුම් මතුවන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. අප රට තුළ ලිංගික අධ්‍යාපනයට ඇති ඉඩකඩ සීමිතය. ඒනිසා නිවැරදි ලිංගික දැනුම සහිත පිරිස සිටින්නේ අතළොස්‌සකි. බහුතරයක්‌ තුළ ඇත්තේ බටහිර කාම චිත්‍රපට නැරඹීම තුළින් ලද දැනුමය. මෙම දැනුම සාමාන්‍ය ලිංගික දිවිය පිළිබඳ දැනුම නොව විකෘති කළ ලිංගික ක්‍රියා පිළිබඳ දැනුමකි. 

තරුණයකුගේ පසුම්බියේ උපත්පාලන කොපුවක්‌a තිබණහොත් දෙමාපියන් සිතන්නේ තම දරුවා අනියම් සම්බන්ධතා සඳහා යොමුවී ඇති බවය.

ගැහැනු දරුවකු පිරිමි දරුවකු සමඟ නිතර කතා බහ කළහොත්, සිපවැළඳ ගතහොත් සිතන්නේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක්‌ ඇතැයි කියාය.

මෙවැනි පටු කෝණ ඔස්‌සේ තම තරුණ පුතුන් දියණියන් දෙස බලමින් ඔවුනට තරවටු කිරීම සහ තහංචි පැනවීම තුළින් සිදුවන්නේ ඔවුන් වඩාත් ආවේගශීලි වීමය. සාමාන්‍යයෙන් තරුණ තරුණියන් තුළ ආවේගශීලි බව පැවතීම සාමාන්‍ය ලක්‌ෂණයකි. කුතුහලය, අත්දැකීම් ලැබීමේ ආශාව තුළ සිරවී සිටින තරුණ තරුණියනට අසීමිත සීමා පැනවීම සහ තහංචි දැමීම යනු පනින රිළවුනට ඉනිමං බැඳීම වැනිය.

වර්තමාන සමාජයේ තරුණ තරුණියන්ගෙන් 8% ක පිරිසක්‌ සමලිංගිකත්වයට රුචිකත්වයක්‌ දක්‌වති. මෙම සමලිංගිකත්වය යනු ලිංගිකව එක්‌වීම පමණක්‌ නොවේ. තමා නිතර ඇසුරු කරන යහළුවාට යෙහෙළියට ආදරය කිරීම තම සමවයසේ සිටින යහළු යෙහෙළියන් අතරින් කැපීපෙනෙන චරිතයට වැඩි ඇල්මක්‌ දැක්‌වීම මෙම සමලිංගිකත්වයේ ලක්‌ෂණ අතර දැකිය හැකිය. 

මෙය බොහෝවිට දැකිය හැක්‌කේ කාන්තාවන් පමණක්‌ හෝ පිරිමින් පමණක්‌ සිටින පාසල්හි ඉගෙනුම ලබන යොවුන් දරු දැරියන් තුළ, කාන්තාවන් හෝ පිරිමින් පමණක්‌ සිටින නේවාසිකාගාර තුළ, කාන්තාවන් හෝ පිරිමින් පමණක්‌ සාමාජිකත්වය දරන ක්‍රීඩා කණ්‌ඩායම් තුළය. සම වයසේ සිටින සමලිංගිකයන් වැඩි කාලයක්‌ එකට ඇසුරු කරනවිට මෙම ආකල්ප ඇතිවේ. එය සාමාන්‍ය දෙයකි.

තරුණ දියණියන් තරුණ පුතණුවන් අතර මිශ්‍ර සම්බන්ධතා ඇති කිරීමෙන් මෙම සමලිංගික ඇසුර දුරස්‌ කළ හැකිය.

සම වයසේ පසුවන සමලිංගිකයන් අතර ලිංගික අවයව ගැන ක්‍රියා කාරකම් ගැන සංවාද ඇතිවීම කතාබහ ඇතිවීම සාමාන්‍ය දෙයකි. මෙහි ගැටලුව මතු වන්නේ තම සාමාන්‍ය දිවි පෙවතට බාධා ඇති කරමින් මෙම කතාබහ, පවතින ඇසුර සහ ක්‍රියාකාරකම් පැවතීමය.

මෙලෙස තරුණ තරුණියන් අතර මතුවන විෂම ක්‍රියාකාරකම් දුරස්‌ කිරීම සඳහා ඔවුනට තරගකාරී අධ්‍යාපන රටාවෙන් මිදී ඉතිහාසය පිළිබඳව දැනුම ලබාගැනීමට අවස්‌ථාව උදා කිරීම රසවින්දනය හුරුකිරීම සඳහා චිත්‍ර ශිල්පය, සංගීතය, නාට්‍ය කලාව, නර්තනය වැනි සෞන්දර්ය ක්‍රියාකාරකම් වෙත යොමු කරවීම තම මව් භාෂාව සහ වෙනත් භාෂාවන් පිළිබඳව ලිවීමේ කියවීමේ සහ කතාබහ කිරීමේ දැනුම ලබාදීමට අවස්‌ථාව උදාකරදීම, බැඩ්මින්ටන්, ටෙනිස්‌, පිහිනුම්, දිවීම, පැනීම වැනි තනිව තම ශක්‌තිය වැය කළ යුතු ක්‍රීඩා සඳහා යොමු කිරීම ආදිය කළ හැකිය.

තරුණ තරුණියන් තුළ විවිධ රුචිකත්වය ඇතිකිරීම ආහාර පාන මගින්ද කළ යුතුය. ඇතැම් දෙමාපියෝ තම දරුවනට එකම වට්‌ටෝරුවකට ආහාර පාන ලබාදෙති. මින් දරුවන් තුළ ඇතිවන ඒකාකාරී ආහාර රටාව සෙසු ක්‍රියා කාරකම් සඳහාද බලපානු ඇත. එසේම මෙවැනි දරු දැරියන්ගේ ශරීරයේ ප්‍රතිශක්‌තියද 25% ක්‌ පමණ අඩුවේ.

මෙය වළක්‌වාලමින් කුඩා කල සිට දරු දැරියනට අඩුම තරමින් වර්ණ තුනකින් යුත් එළවළු පලතුරු සහ ධාන්‍ය වර්ග ආහාරයට හුරුකළ යුතුය. ඉන් දරුවාගේ පෝෂණය ඉහළ යන අතරම රුචිකත්වයද ඉහළ යයි. ඉහළ රුචිකත්වයකින් ඇති දරුවා තුළ ඉවසීම, රසවිඳීමේ කැමැත්ත සහ විවිධ ක්‍රියාකාරකම්වල වෙනස්‌ බව වටහා ගැනීමේ හැකියාව ඉහළ මට්‌ටමක පවතී.

මෙවැනි දරුවන් ඉතා කුඩා සිද්ධියකට වුව සැලෙන්නේ නැත. කෝපයට පත්වන්නේ නැත. දිවි නසා ගැනීමට පෙළඹෙන්නේ නැත. ඔවුන් තුළ විවිධ රුචිකත්ව පිළිබඳ අවබෝධය ඇති නිසා එක්‌ දෙයකට කොටු නොවේ. ගැටලුවක්‌ මතුවූ විට ඉන් මිදීමට ඇති මාර්ග පිළිබඳව සොයා බැලීමට වෙහෙසේ.

එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න.

පෙම්වතාට දුන් ගින්දර මෙලොවදීම පලදී මහා මගට වැටුණු තරුණියක්

දිනිති පුංචි කාලෙදීම එයාගෙ අම්මා මේ ලෝකෙ අත්හැරලා ගිහින් තිබුණා. ඊට පස්සේ දිනිතිව බලා ගත්තෙ ආච්චි. දිනිතිගෙ තාත්තා ජීවතුන් අතර හිටියත් අම්ම නැතිවෙලා අවුරුදු තුනකට විතර පස්සේ තාත්තා වෙනත් විවාහයක් කර ගත්තා.
ආච්චිට කිසිම ආදායමක් තිබුණේ නෑ. ආච්චිගෙ පුතාල දෙන්නා  ඒ කියන්නෙ දිනිතිගෙ මාමලා දෙන්නා ආච්චිට හැම මාසෙම රුපියල් දෙදාහ ගානෙ දුන්නා. ඒක තමයි ආච්චිට දිනිතිත් එක්ක ජීවත් වෙන්න තිබුණු එකම ආදායම. අන්තිමට ආච්චි අල්ලපු ගමේ ගෙදරක වැඩට ගියා. එහෙන් තමයි දෙන්නටම කෑමත් ලැබුණෙ. මාසෙ අන්තිමට ‍පොඩි ගාණකුත් අතට දුන්නා.
දිනිතිත් අනිත් හැම ගෑනු ළමයෙක් වාගේම ලස්නනට අඳින්න ආස කළා. ඒත් දිනිතිට කන්න බොන්න දෙනවා මිසක් අනිකුත් ඕනෑ එපාකම් ඉෂ්ට කරල දෙන්න හයියක් ආච්චිට තිබුණෙ නෑ. ආච්චි වැඩ කරපු ගෙදර දිනිතිගෙ වයසෙම ගෑනු ළමයෙක් හිටියා. එයා ඇඳපු ඇඳුම් එයාගෙ පරණ සෙරෙප්පු, සපත්තු සේරම දිනිතිට ලැබුණා. ඒවයින් තමයි දිනිති සැනසුණේ.
දිනිතිට අජිත්ව හම්බ වුණේ පාස‍ලේ උත්සවයකදී. එතකොට දිනිති සාමාන්‍ය පෙළ පන්තියෙ. අජිත් දිනිතිගෙ මිතුරියකගෙ ඥාති සහෝදරයෙක්. හැබැයි අජිත්ට ඒ වෙනකොටත් වයස අවුරුදු තිහක්. දිනිතිට වඩා වසර පහළොවකින් වැඩිමහල්. ඒත් අජිත්ට සල්ලි තිබුණා. ඔහු ව්‍යාපාරිකයෙක්. ආච්චිත් එක්ක දුක්බර ජීවිතයක් ගත කරපු දිනිතිට අජිත්ගේ හමුවීම දැනුනෙ ආශිර්වාදයක් විදිහට.
අජිත්ට හොඳ ගති ගුණ තිබුණා. ඒකත් දිනිතිගෙ හිත අජිත්ට ඇදිලා යන්න හේතුවක් වුණා. දිනිතිගෙ අනාගතය ගැන හිතමින් විශාල බරක් හිස මත තබාගෙන හිටපු ආච්චිට දැනුණෙ අජිත්ගෙ හමුවීම ආශිර්වාදයක් විදිහට.
අජිත් දිනිතිගෙ ගෙදර නිතරම ආවා ගියා. ඒ වගේම දිනිතිලගෙ ගෙදර හැම ඕන එපාකමක්ම සම්පූර්ණ කළේ අජිත්. මේ නිසා ආච්චිගෙ හිතටත් ලොකු සැනසිල්ලක් සැහැල්ලුවක් දැනුණා.
දිනිති සාමාන්‍යපෙළ සමත් වෙලා උසස් පෙළ කළේත් අජිත්ගේ උදව්වෙන්. මේ වෙනකොට දිනිතිලගෙ පවුලෙ බර සම්පූර්ණයෙන් කරට අරගෙන තිබුණෙ අජිත්.
ඒත් දිනිතිගෙ යාළුවො අජිත් ගැන දිනිතිට එක එක විදිහෙ විහිළු කළා.
“මොකක්ද බං උඹට කොල්ලෙක් හිටියෙම නැද්ද? කොලු තාත්තා කෙනෙක්නෙ උඹ හොයාගෙන තියෙන්නේ”
යාළුවො කිව්වෙ යාන්තමට අජිත්ගෙ හිස මුදුනේ පෑදීගෙන ආපු තට්ටය දැකලයි. මුලදී ඒ කතා ඇහුවම දිනිතිට ගොඩක් තරහා ගියා. ඊට පස්සේ ලැජ්ජා හිතුණා. ඒ හින්දා ටියුෂන් පන්තිය ළඟට අජිත් මෝටර් සයිකලයෙන් එන එක දිනිති අසීරුවෙන් නතර කර ගත්තා.
මේ අතරෙ තමයි ලසිත දිනිති එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කළේ. දිනිති නිතර ගිය සාප්පුවක ලසිත රැකියාව කළේ. ලසිත ඇත්තටම කඩවසම්. මේ නිසා දිනිතිගෙ හිත ලසිතට ඇදිලා ගියා. ඒත් අජිත්ගේ උදව්වට, අජිත්ගේ ආදරයට කොහොම පිටුපානවද කියල දිනිතිට හිතා ගන්න බැරි වුණා.
මේ අතරෙ ලසිත දිනිති එක්කගෙන එක්තරා දවසක හෝටල් කාමරයකට ගියා. අජිත් කවදාවත් දිනිති එක්ක එවැනි ගමන් ගිහින් තිබුණේ නෑ. ඒත් ලසිත නිසා මුල් වරට කායික සතුට අත්විඳි දිනිතිට ලසිත්ගෙන් ඈත් වෙන්න ක්‍රමයක් තිබුණෙත් නෑ. ඊට පස්සෙ තමයි කිසිවෙකුටත් නොකියා රහසේම ලසිත එක්ක යන්න ගියෙ. ඒ වෙනකොට උසස් පෙළ විභාගයට මුහුණදෙන්න තිබුණෙ මාස තුනයි. දිනිති ඒ හැම දෙයක්ම ලසිත ඉදිරියේ අමතක කරල දැම්මා.
මේ විදිහට ලසිත එක්ක එකට ජීවත් වුණා මිසක් ලසිත දිනිතිව විවාහ කර ගන්න උනන්දුවක් නැති බව දිනිතිට ටිකෙන් ටික වැටහුණා. දිනිති ඒ ගැන කරදර කරන කොට මුලදි ලසිත විහිළුවෙන් හිනාවෙන් මග ඇරියා. ඊට පස්සෙ තර්ජනය කරන්න පටන් ගත්තා. “මම තමුසෙව කසාද බඳින්නෙ නෑ. කැමති නම් ඉන්නව නැත්නම් ආපහු යනව“ කියලා ලසිත කියන කොටයි දිනිතට ඇස් ඇරුණෙ. අජිත්ට කරපු ද්‍රෝහිකම තමාට මේ ආත්මෙදිම පළදීපු බවක් දිනිතිට වැටහුණා. ඊට පස්සේ දිනිති පුදුමාකාර කළකිරීමකින් ජීවත් වුණේ.
දවසක් දිනිති මුණගැහෙන්න එක තරුණියක් ආවා. ඇය ලසිත්ගෙ අලුත්ම පෙම්වතියක් බව දැනගත්තම දිනිතිට මුළු ලෝකෙම එපා වුණා. ඇයත් ලසිත නිසා අනාථ වෙලා. ඒ අතරෙ තමයි ඇයට දිනිති ගැන ආරංචි වෙලා දිනිතිව මුණගැහෙන්න ඇවිත් තිබුණෙ.
දිනිතිට ලසිත එක්ක ජීවත්වීම එපාම වුණා. ඊට පස්සෙ ඇඳුම් ටිකත් අරන් මහ මගට බැහැපු දිනිතිට යා යුතු තැනක් තිබුණේ නෑ. දිනිති දැන් වීදී ගණිකාවක්. තමන්ට පලදුන්නෙ අජිත්ට කරපු දේවල් බව දිනිති      පිළිගන්නවා. මෑතකදී ආරංචිවුණු විදිහට අජිත් දැන් විවාහ වෙලා. දිනිතිගෙ ආච්චි මියගිහින්. 

Monday, July 21, 2014

ජුනි මාසයේ නිරුවත් වන ඇමෙරිකා පාපැදිකරුවන්

වාර්ෂික ග්‍රීස්ම සෘතුව ආරම්භය සමරමින් පවත්වනු ලබන නිරුවත් පාපැදි සාවරියක් පසුගිය දිනක ඇමෙරිකාවේ සීට්ල් හිදි පැවැත්වුණා. ආයතනය මගින් සංවිධානය කරන මෙය වාර්ෂිකව පැවැත්වේ.

සංවිධායකයින් පවසන පරිදි මෙවරද මෙම පාපැදි තරගය අතිසාර්ථක අන්දමින් පැවැති බවයි. මෙහිදී පාපැදිකරුවන් සම්පූර්ණයෙන්ම නිරුවත්ව විවිධ වර්ණවලින් සිය සිරුර පින්තාරු කරගෙන පාපැදිවලින් ගමන් කිරීම සිදුවනවා.

වාර්ෂිකව පැවැත්වෙන මම පාපැදි සවාරිය සඳහා අයදුම්කරුවන්ගේ අයදුම්පත් පාපැදි සවාරිය පැවැත්වෙන දිනට මාස කිහිපයකට පෙර සිට කැඳවනු ලබනවා. සෑම වර්ෂයකම ජුනි මාසයේදී ඇමෙරිකාවේදී මෙම පාපැදි සවාරිය පැවැත්වෙනවා.

එහි වීඩියෝව පහතින් බලන්න.


නිරුවතින් සාප්පු සවාරි යන ලස්සන කාන්තාව

දකුණුදිග පෝලන්තයේ කරාකොව් නගරයේ සුපිරි වෙළද සැලකට සැන්විච් එකක් මිළදී ගෑනීමට නිරුවතින් කාන්තාවක් පැමිණ සිටින අයුරු දැක්වෙන වීඩීයෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී. විදෙස් වාර්තා සදහන් කරන පරිදි මෙම කාන්තාව කිසිදු වග විභාගයක් නොමැතිව කෙලින්ම කවුන්ටරය වෙත ගොස් සැන්විච් එකක් මිළදී ගෙන පිටව ගිය බවත් වාර්තා වෙයි. මෙම සිද්ධිය වෙළද සැලට පැමිණ සිටි පාරිභොගිකයෙකු විසින් සිය ජංගම දුරකථනයේ රහසින් රූගත කර තිබේ.

ඇයගේ පෙනුමින් ඇය බීමතින් හෝ වෙනත් මත් ද‍්‍රව්‍යයක් භාවිත කර නොසිටි බව පැහැදිලි වන්නේ යැයිද මෙය රූගත කළ පුද්ගලයා සදහන් කර තිබේ.

වෙළද සැල තුළ දී සහ ඉන් පිටතදී අන් අයගේ හැසිරීම සහ අන් අය සිටින බව මායිම් කර නැති මෙම කාන්තාව කෙලින්ම වෙළද සැල පිටුපස රථගාල වෙත ගොස් සිය රථයේ නැගී යන්නට ගිය බව ද විදෙස් වාර්තා වල දැක්වෙයි.

මෙම සිද්ධිය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න


අවුරුදු 62 අච්චියෙක් , අවුරුදු 9යේ කොල්ලෙක් හා විවාහ වේ

9 හැවිරිදි පාසල් දරුවෙකු 62 හැවිරිදි කාන්තාවක සමග විවාහ වූ බව ඔබ ඇසුවොත් ඔබ පුදුම වේවි මෙම අරුම පුදුම පුවත දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන අතර . විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, Saneie Masilela නමැති එම 9 හැවිරිදි දරුවා දුටු සිහිනයක් හේතුවෙන් මෙම විවාහය සිදුව ඇත.

දරුවා,අදාළ 62 හැවිරිදි කාන්තාව සමග විවාහ විය යුතු බවට සිහිනයක් දැක ඇති අතර ඒ අනුව මෙම විවාහය සිදුව තිබේ. මෙම විවාහ උත්සවයට 62 හැවිරිදි කාන්තාවගේ 66 හැවිරිදි ස්වාමි පුරුෂයා ද සහභාගි විය.

video...


Saturday, July 19, 2014

කඩා වැටුණු MH17 මැලේසියානු යානයේ වීඩියෝවක් නිකුත් වෙයි

ආම්ස්ටර්ඩාම් සිට ක්වාලාලාම්පුර් වෙත ගමන් ගත් MH17 නමැති මැලේසියානු ගුවන් යානයක් පසු ගිය දා යුක්රේනයට කඩා වැටුනා.ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්වුණු මෙම සිදුවීම රුසියාවේ ප්‍රහාරයක් නිසා සිදු වුනා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා කෙසේ නමුත් මැලේසියානු ගුවන් යානය පිටවීමට පෙර මගියෙකු යානය ඇතුලතදී ලබා ගත වීඩියෝ පටයක් දැන් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා.එම වීඩියෝව පහතින්